Tuesday, July 31, 2012

ඉසුරු කොදෙව්වේ



ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

යලිදු පතන්නට සිතුම් පෙළක් නැත
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


ගායනය:ජගත් වික්‍රමසිංග  මහතා 

Tuesday, July 10, 2012

සුපෙම් සුවඳක් අරන්




සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුලඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

හිනා
අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා







ගායනය: රොෂාන් ප්‍රනාන්දු මහතා

Monday, July 9, 2012

ගුමු ගුමුව වදුලේ





ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ

විහඟ මිහිරාවී
මුදුහඬින රාගී
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී

හද බඳුන ඉතිරී
ගලන මී මිහිරී
කොතන නම් සැඟවී
තිබිනිදැයි සොයමී







ගායනය:සමිතා මුදුන්කොටුව මහත්මිය