Monday, September 10, 2012

ඔබයි රම්‍ය සඳ කිරණ







ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය

උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය






ගායනය: විශාරද නන්දා මාලනී මහත්මිය

පෙනුණු සුව දසුන්









පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා 
යහන මත වඩි හිරු දෙවි දෙඇස පිය පියා
ඔබ තාම නැ දයාවියේ මට ආදරේයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා 
වල් කොල කොටා දියේ මුසු කර තේ හදා පොවා
සැලැකූ ලමා වියේ සැලැකිලි නොමැත මග හැරී 
මට ආදරේයි කියන්නකො මුවගින් අමා පිරී 

කැන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා 
එදරු පෙම සැඳැ අඳුරට ඉඩ තබා ගියා 
සීත සඳ නැගයි එරඹර කවුළු දොර අයා 
ඔබ තාම නැ දායාවියේ මට ආදරේයි කියා

හමුවුනි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි 
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරි 
පාලුව ලැගුම් ගනි හද තුල පතුල එරි එරී 
මට ආදරෙයි කියන්නකෝ මුවගින් අමාපිරි







ගායනය: හෙන්රී කල්දේරා මහතා

මේ ප්‍රථම වසන්තයයි







මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා 
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ


සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ






ගයනය: විශාරද සනත් නන්දසිරි මහතා

සෞම්‍යවන්තියේ





සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා


ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී
සාගරය හා වෙළී යතී

පාළුවද සඳ එළියකී 
රම්‍ය ජීවිතයේ එතී
ළඟ නැති උනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී








ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා