Tuesday, December 25, 2012

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ







සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්


පියවී ලොවේ කිසිදා එක්වෙන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්


තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්













ගායනය: ශිහාන් මිහිරංග මහතා