Thursday, May 17, 2012

රන් සමනලයෝ




රන් සමනලයෝ ...
පුංචි කැකුලියෝ ....
දේදුන්නේ නැගිලා.....
මීදුම් සළුවේ..තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා....

පෙම්බර ආල සිතේ..ගී නොවේදෝ ගැයුවේ
මොළ කැටි බාල වියේ..ඒ හුරතල් කොතැනේ
මවු දෑතින් මිදුණා දෝ.....
යවූවනයේ මත් විදෝ.....

රන් සමනලයෝ ...
පුංචි කැකුලියෝ ....
දේදුන්නේ නැගිලා.....

ලද මනමාල හිතේ..ආදරයේ සුවඳේ
තව නොහිතීද ලොවේ..ජීවිතයේ අරුමේ
මල් යහනා..පැතුවා දෝ.....
ඒ යහනා..හමු වේ දෝ....







ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

වලා තිරයෙන් එහා





වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක්‌
සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක්‌..

තරංගයක්‌ ලෙසින් ඇදි.. බිඳීනොයන් සිතින්
වසන්තයක්‌ ලෙසින් උදාව එන්න ජිවිතෙන්..

සිහිල් සහන් සුසුම් සරින්.. පවන් රොදක්‌ ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්..








ගායනය: ටි.එම්.ජයරත්න මහතා

සැඳැ කළුවර කුර ගගාවිත්




සැඳැ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා

වළාකුළකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා....







 ගායනය: නන්දා මාලනි මහත්මිය