Wednesday, January 30, 2013

තහනම් ගෙයි මලකින්





තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට 
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට 
ආදරේට සාප නොදී දවස තිස්සෙම 
සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට

එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර 
හදවත රිදවන්න එපා ඉතින් තව තව 
කඳුලු පොකුරු මල් රඳවා නුවන් දොරකඩ
උහුලන්නට බැරි දඬුවම් එපා මෙච්චර 

නිදි යහනෙ ඇතින් වේදනා විඳ විඳ 
හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ 
සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට 
පමා නොවි හිනා වෙන්න හදාගෙන හිත 














ගායනය: ඉඳුනිල් අඳ්‍රමාන මහතා