Saturday, January 26, 2013

දුක වැඩි තරමට





දුක වැඩි තරමට කඳුළු හෙලන්නට 
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට 
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතගට තරවටු කෙරුවාට 
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ 
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ 
තනිවුනු බව නැහැ දන්නේ
උන් යහන පුරා විඳි සුවඳ පවා 
නැත දුක විතරක් ඉතිරි වෙලා

කදඳුලක් කඳුලක් ගානේ 
ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ 
වෙනකුගෙ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා 
ඔබ දුක විතරක් උරුම කලා














ගායනය: නොයෙල් රාජ් මහතා