Tuesday, March 26, 2013

තනිකම හුරු දෙනෙත පුරා




තනිකම හුරු දෙනෙත පුරා 
උනු කඳුලැළි රුරා ගියා 
ඔබ නෑ නෙත් මානේ 
හමුවේවිද ආයේ 

සිතු පැතුමක කඳුලු තියා 
මට නොකියම ඉවත ගියා 
හිමි දුක පිසදමමි කියා 
සමනළියක් තුරුළු උනා
මහදේ ගලනා 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ 

තනිවුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා 
ඔබ ආවත් සිනහා වෙලා 
මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ 
















ගායනය:  උදය ශ්‍රී වික්‍රමසිංහ මහතා