Monday, November 12, 2012

සිහින සතක් දු‍ටුවෙමි මම







සිහින සතක් දු‍ටුවෙමි මම
සත් දවසක් එක විලසම
එක සිහිනෙක ඔබ දු‍ටුවා
සිඟන්නියක සේ

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් 
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිඳු හදවත
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස 
පිහිට වනු මැනේ













ගායනය: වික්ටර් රත්නායක මහතා

Sunday, November 11, 2012

බොඳ මීදුම් කඳු රැල්ලේ







බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්
සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
මටත් වාසනාවන්

සිතක තැවුල් සන්සිදිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා මටත් වාසනාවන්

රෑ සියන්නෙ නොනිමි නාද
සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
මටත් වාසනා හෙටත් වාසනාවන්

මාල හතක් පලදන්නට
හීන හතක් එළි වන්නට
දොළොස්මහේ පහන් නිවී
මටත් වාසනා හෙටත් වාසනාවන්

අනාගතය කිරුළු දරා
දෙපාමුලට වඩින තුරා
ළවන් පොඟන මියුරු තෙපුල්
මටත් වාසනා හෙටත් වාසනාවන් 














ගායනය: සුජාත අත්තනායක මහත්මිය, අබේවර්ධන බාලසූරිය මහතා

ආදර ප්‍රිය ළඳුනේ




ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ
මුව මදහාසේ ... සතුට ගෙනාවේ...
මටම නොවේ දෝ

ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ
යොවුන් වසන්තේ... පවන් සැලෙන්නේ...
අපට නොවේ දෝ 











ගායනය: ෆීලික්ස් ඇන්ටන් මහතා

Saturday, November 10, 2012

අප දෙදෙනා දිහා බල බලා





අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා

දුර ඈත දේසෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ

වෙන් වී මෙසේ මා යමි මේ සැඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමන් නොවේ ඔබ සිතින්











ගායනය: තිලකසිරි රත්නායක මහතා

Friday, November 9, 2012

රන් තරු පායන






රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද න්නේ
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

පලා දෙපළු කල හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ











ගායනය: කීර්ති පැස්කුවල් මහතා

රුවන් තාරකා








රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැඳි වේදනා නිවා

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ


තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ










ගායනය: බණ්ඩාර ආතාවුද මහතා

Monday, November 5, 2012

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌








අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මද අඳුරේ 
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ











ගායනය: වික්ටර් රත්නායක මහතා