Tuesday, July 9, 2013

සැදී රන් අභරනින්







සැදී රන් අභරනින් 
රිදී සළු පිළි දරා
නැගී රිය පෙරහරින්
පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ 
ගියත් ඔබ ඔහු කරා 
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා
නොයෙන බව යලි දනිම්

ඔබෙන් ලද සෙනෙහසේ 
සුවය නිති විදින්නම් 
සසර මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම්


















මුල් ගායනය: මිල්ටන් මල්ලවආරච්චි මහතා
නව ගායනය: එරංග මහතා

මගේ හිතේ ඔයා කෙරේ






ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඬාලා වැළපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතුළඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

ඉඳහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ලං වීලා
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා
යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා


















ගායනය: ශෙහාන් කෞෂල්‍ය මහතා