Monday, January 28, 2013

හුස්මක් දුරින්






දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්














ගායනය: ශෂිකා නිසංසලා මහත්මිය

නිහඬ ගමනේ





නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ 
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ 

ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුලේ 
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ 
ඇඟිලිතුඩු තද කර මගෙ නලලේ 
සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ 
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ 
රහස නොහැඟේ මගෙම ලඳුනේ 

දෑත් විදා ලමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසි සේ 
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ 
ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවිකතරේ
නොයමි රහසේ රකිමි පණ සේ










ගායනය: භාචි සුසාන් / ශානිකා මධුමාලී