Thursday, August 9, 2012

පෙරදින මා වෙත පුදකල සෙනෙහස




පෙරදින මා වෙත පුදකල සෙනෙහස අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා

සිය වැඩ අතහැර ඔබට පෙම් කලේ ඔබ ගැන සිහින මවා 
අපේ පැතුම් ලොව මල් පූදින්නට පැතුවෙමි උදේ හවා

මම කිසි දවසක වෙන්ව නොයන බව මතකයි ඔබ කීවා
මට දුන් ඒ දුක ඔහුට නොදන මැන ඔබගෙන් සමුගනි මා 





ගායනය : මර්සිලින් පතිරණ මහතා