Wednesday, December 26, 2012

පෙම්වතුන් සිනාසේ



පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ











ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා

No comments:

Post a Comment