Friday, June 21, 2013

මනමාලයි ආදරෙත් නුඹ තරම්








පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්

කවිකාර හීනෙ ලගින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදි වරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්  ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින් හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

















ගායනය: සමිතා මුදුන්කොටුව මහත්මිය

Tuesday, June 4, 2013

ආයෙත් හඬන්න




ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ 
හිමිනැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ
මං තමත් මගෙ තනි හීනේ
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ

අඬම්බර රුව දැකලා සිත ආයෙත් උමතුවෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා 
අපේම ලොවේදි අපි මුණගැසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිඳිවි
අපි ඈතයි සැමදා

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලාවෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම්කලා
අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිදිවි
අපි ඈතයි සැමදා

















ගායනය: තීක්ෂණ අනුරාධ මහතා