Friday, June 8, 2012

මෙහෙනියක වී



මෙහෙනියක වී සසර කතරින් 
එතෙර වන්නට පාරමී පුරනා 
ඔබ පෙම්වතියක් ලෙසින් 
එදා මා පෙමින් එදා මා ලඟ උන්නා

අවිහිංසක ඔබ අවිහිංසක මා 
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
දහස් වරක් දෙගුරුන් රිද වූවා 

පලිගන්ට මිස පිලිගන්නට මා 
දෙගුරුන්ගේ සිත් නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට  
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට 
කසා වතට ඔබෙ වත දන් දුන්නා







ගායනය: නාමල් උඩුගම මහතා