Sunday, May 20, 2012

හදවත ඉල්ලා නොලැබුන විටදී

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුල කැළඹී 
මිතුරියේ ඔබ කෙලෙසක හෝ අමතක කරමී 
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී


ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි චායා 
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා


යලි අප උපදින භවයේ යලි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී මට ලං වේවා







ගායනය: ප්‍රියා සූරියසේන මහතා

අපි ආයෙත් හමු නොවුනා නම්



අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස 
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්


ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි


සමුගන්නට නම් අහිමි ආදරෙන් අයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ 










ගායනය: සෝමතිලක ජයමහ මහතා