Friday, March 22, 2013

විත්ති කූඩුවේ



විත්ති කූඩුවේ දෙපසක උනුන් නෙත බලා 
ලොවට ඇසෙන්නට මන් ගැන වැරදි පවසනා 
හිතා ගන්නවත් බැරි ලෙස කියයි නුඹ මුසා 
තාම නුඹ මගේ සොඳුරයි පනට සම වෙනා 

මතක නැති උනේ නුඹටයි අපේ අතීතේ 
එදා මන් පැලඳු මුදුවත් තාම නුඹ අතේ 
කාටවත්ම නොකිය දුක වහන් කර නෙතේ 
මැරි මැරි උපදින මන් ගැන මන්ද නොසිතුවේ

නොහොඳ නොක්කඩු ඉඳහිට ඇති උනත් අපේ 
බිඳක් වත් සෙනේහෙ වියැකුනෙ නැනෙ මගෙ සිතේ 
කියන්නට නොගුන නුඹ ගැන දිරිය මට නොවේ 
ගෙදර යමු සොඳුර නොකියා වැරදි අපි අපේ














ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා