Thursday, October 4, 2012

මේ පහන් රැය සීතලයි








මේ පහන් රැය සීතලයි 
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි

මුවරදින් පිරි මල්තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයී

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි








ගායනය: ආනන්ද ගුනසේකර මහතා

ඔය දැසේ සැඟවුනේ









ඔය දැසේ සැඟවුනේ මා සෙවූ ආදරේ 
හදවතේ සෑමදා නුඔ ‍රැඳ් 
මිතුරන් සේ අප ලන් වුනා
මා මතකයේ ඔබ සදා

කෙසේ පවසම්දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ මා සොඳුරියේ
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනෙයිදෝ 
සුලඟේ පවා රැඳෙන්නේ එපමනයි 
නුඹට දැනෙයිදෝ 

අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ 
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උනුසුමින් තුරුළුවී කී වදන් හීනයක් සේ 
මා හට දැනුනා ළය ගිම් නිවුනා 
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ 








ගායනය: ප්‍රිහාන් මඩප්පුලි මහතා