Thursday, May 24, 2012

සිතින් පතා ඉන්නම්





සිතින් පතා ඉන්නම්
කුළුදුල් පෙම් පැතුමන්
සිතින් සිනා සෙන්නම්
ඔබගේ රූ මවමින්

කියාගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ
ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල්
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හද තුළ සදා රැඳෙ
බැලූ බැලූ සැමතේ සිනා හඞ ඇසේ
ඔබගේ පි‍්‍රය මිහිරේ

ඔබ යනෙනා තැන මා ගත යනමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ළඳ මා හට නැතිමුත්
කාටද ඔබේ සෙනේ
මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස
මා හද දිනූ ළඳේ
සිනා සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ

  


ගායනය: කුමාරසිරි පතිරණ මහතා

මගේ හදවත හැඳින ගත් ඔබ


මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා

ඔබ රකින්නට සැරසුනේ මා නා රජෙක් සතු මැණික මෙන්
ඔබේ පසු පස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැමදෙයින් 
එත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්නට
රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ ඔහුව රැකු මැන සෙනෙහසින්

සැක කලේ මා සැර කලේ මා හදාගන්නයි හැමදෙයින් 
මගේ කියල මගෙම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකය සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ලං වෙනු එපා ඔබ මට නිම වෙනා තුරු මේ භවෙන්






ගායනය: කුමාරසිරි පතිරණ මහතා

සඳ සේ උදා වී මහදේ රැදී



සඳ සේ උදා වී මහදේ රැදී
සැමදාම සිටියෙ ඔබයි...
අප පෙම් කතාවේ දුක්‌ සෝක සංකා
මෙතැකින් නිමා වූ වගයි

කඳුලැල් සලාලා දුක්‌ නිබඳ විඳලා
සැදු අපගෙ පෙම් මාළිගා..
නැත විසිර බිඳුනේ සවිමත්ව වැඩුනේ
තිබු අපගෙ සෙනෙහේ නිසයි..

දෙයතින්ම අල්ලා අද එක්‌කව යන්නේ
සැමගේම සුපැතුම් මැදයි..
පිසගන්න කඳුලැල් හිනැහෙන්න මා හා
හැමදාම ඔබ මාගෙ දැන්....




ගායනය: කුමාරසිරි පතිරණ මහතා