Friday, March 15, 2013

මේ මල් යායේ






මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා


















මුල් ගායනය: එඩ්වඩ් ජයකොඩි මහතා
නව ගායනය: ජූඩ් රෝගන්ස් මහතා