Wednesday, May 30, 2012

මං මුලා වී පාර හොයාගෙන





මං මුලා වී පාර හොයාගෙන
අසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූවේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතැනින් නිමි






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

No comments:

Post a Comment