Wednesday, May 30, 2012

මේ ගඟ මේ දුරු කතර ගෙවා





මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබේ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ







ගායනය: නිරන්ජලා සරෝජනී මහත්මිය

No comments:

Post a Comment