Monday, May 28, 2012

සුපෙම් හැඟුම් ඔබෙන් එපා





 සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්






ගායනය : ලක්ෂ්මන් විජේසේකර මහතා /ප්‍රදීපා ධර්මදාස මහත්මිය

පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ




පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ
එය මකා දමාගිය හැටි රහසේ
නුබ මෙතෙක් රැදී හුන් මා මනසේ
පෙමු පුරාවතක් නිමාකරන්නද මා කෙලසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම් හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොළවටයි හිමි වුයේ
සඳ අහසේ රන්දුනාද රත්තරනේ
පෙම් කවක් ලියු ඔබ සිත අහසේ





ගායනය : කරුණාරත්න දිවුල්ගනේ මහතා