Friday, May 18, 2012

දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ




දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි









ගායනය: විශාරද වික්ටර් රත්නායක මහතා

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ




 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා 

දවසක්‌ පැල නැති හේනේ




දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ.......






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ




සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....

යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....




ගායනය: විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතා 

සෙනහසක අරුතක් පුරවන්නට




සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා



ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ


 නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

පෙර කිසිදා ඔබ හමු වී නැති බව
ඉඳුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති

භවයෙන් භවයට පැතුමි පතා ගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ..








ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

සඳ කැන් වැසිලා


 සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ඝනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ඝනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..

ජීවිතයම සතු එකම සුවේ..
හී සර පහරක වෙලෙනු පෙනේ..
මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ..

මා නැත අන් සතු සිත් බිඳලා..
දෑතම බැඳගෙන හිඳිමි බලා..
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු,
රහස් අහස් තලයට පවරා..









ගායනය: විශාරද වික්ටර් රත්නායක මහතා

මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්




මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්...

සවනට ලන්වි හිමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නළලෙ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක හිඳිමු කියා......

සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසූ
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතූ

මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්...








 ගායනය: දිනේශ් නානායක්කාර මහතා