Friday, July 12, 2013

කඳුළ නිවන්නම්






කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් 

මල් පූදින්නේ දෑඟිලි අතරේ 
තැලී පෙලී මියැදෙන්න නොවේ 
සෙනෙහේ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි 
හිත රිදවා හඬවන්න නොවේ 

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි 
සෙනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ 
හිතකට එළියක් ලැබ දෙන්නයි 

















ගායනය: ප්‍රියානි ජයසිංහ මහත්මිය