Friday, March 29, 2013

උන්මාද සිතුවම්




උන්මාද සිතුවම් මැවී බිඳේ
මීදුම වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඞා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එ මල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ















ගායනය: ගුණදාස කපුගේ මහතා