Friday, April 26, 2013

ස්නේහයේ නගරයයි සිත මගේ






ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා  සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින්  දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ
















ගායනය: අමරසිරි පීරිස් මහතා

Monday, April 8, 2013

අවසන් ලියුමයි ඔබට ලියන්නේ




අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා

















ගායනය: සතිෂ් පෙරේරා මහතා

Saturday, April 6, 2013

පුරමී පාරමී




පුරමී පාරමී පතමී හැම භවේ 
ඔබගේ පුතු ලෙසේ 
සසරේ රැඳෙන සේ

චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ
මං මුළා නොවී ඉඳින්න මං කියූ පියේ
උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්

කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වි සෙවණ වූ
සෙත් කවක් සෙ දුක් නිවාල සිත් පහන් කෙරූ
මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්

















ගායනය: රකිත වෙලන්ගොඩ මහතා