Wednesday, October 24, 2012

කවුළු පියන් පත් වහන්න





කවුළු පියන් පත් වහන්න 
සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ


විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි 


කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ









ගායනය: කසුන් කල්හාර මහතා

Tuesday, October 23, 2012

ඉටි මල් මිටක් දෝතින් අරන්







ඉටි මල් මිටක් දෝතින් අරන්
හමුවන්නෙමි ආයෙත් වරක්
ඒ මල් වගේ  පරවෙන්නේ නැ
මගේ ආදරේ ඔබෙමයි අදත්

හිත දෙන්නේ නෑ වෙන් වෙන්න නම්
ඉවසන්න බැ නුඹ ළඟ නැතිනම්
හමුවෙන්නේ නැ ලෝකෙන් ඉඩක්
මම දන්නේ නැ මගෙ වෙන දවසක්

තව ළංවුනේ නුඹමයි එදත්
මම පෙම් කලේ නුඹටයි කවදත්
හැරයන්නෙපා යළි කවදාවත්
අප වෙන් වුනේ සිහිනෙක සැරයක්










ගායනය: තීක්ෂන අනුරාධ මහතා

Tuesday, October 16, 2012

මේ සඳ වුනත්









මේ සඳ වුනත් 
පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත් 
මේ හුලඟ මත් 
ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත් 
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් 
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් 
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ 
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ

ආයෙ හිරු නැ හෙට හුලඟත් නෑ
නුඹ අවාත් මේ රැය නැ
අයේ නුඹ නැ දුක් කඳුලුත් නැ
රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ









ගායනය: බුද්දික උෂාන් මහතා

Monday, October 15, 2012

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ






පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ











ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

Thursday, October 4, 2012

මේ පහන් රැය සීතලයි








මේ පහන් රැය සීතලයි 
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි

මුවරදින් පිරි මල්තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයී

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි








ගායනය: ආනන්ද ගුනසේකර මහතා

ඔය දැසේ සැඟවුනේ









ඔය දැසේ සැඟවුනේ මා සෙවූ ආදරේ 
හදවතේ සෑමදා නුඔ ‍රැඳ් 
මිතුරන් සේ අප ලන් වුනා
මා මතකයේ ඔබ සදා

කෙසේ පවසම්දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ මා සොඳුරියේ
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනෙයිදෝ 
සුලඟේ පවා රැඳෙන්නේ එපමනයි 
නුඹට දැනෙයිදෝ 

අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ 
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උනුසුමින් තුරුළුවී කී වදන් හීනයක් සේ 
මා හට දැනුනා ළය ගිම් නිවුනා 
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ 








ගායනය: ප්‍රිහාන් මඩප්පුලි මහතා