Tuesday, October 16, 2012

මේ සඳ වුනත්









මේ සඳ වුනත් 
පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත් 
මේ හුලඟ මත් 
ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත් 
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් 
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් 
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ 
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ

ආයෙ හිරු නැ හෙට හුලඟත් නෑ
නුඹ අවාත් මේ රැය නැ
අයේ නුඹ නැ දුක් කඳුලුත් නැ
රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ









ගායනය: බුද්දික උෂාන් මහතා

No comments:

Post a Comment