Saturday, September 29, 2012

මේ ජීවනයේ මුළු සන්සාරේ






මේ ජීවනයේ මුළු සන්සාරේ
මේ ජීවනයේ මුළු සන්සාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මේ ජීවනයේ

දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ  
දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ 
සනසා නොලාලන කාලේ දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් 
මා යන ගමනට දිරි දෙයි
  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා 
ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම 
අම්මාගේ ආදරයයි












මුල් ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා

Thursday, September 27, 2012

ජීවිතේ පෙමින් අරන් එමි





දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමි ඔබෙ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්


මල් උයන් දැවු කුණා‍ටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ
අපේ පැතුම් පිපී


ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි


දුකයි මේ දුරු අගාධේ
මැවෙයි මේ රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මම උනුහුම සුසීතේ


රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු ‍රැල්ලෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම් දම්
මීවිතක්ය ජීවිතේ අපේ










ගායනය: කිත්සිරි ජයසේකර මහතා

කොතැනක සිටියත් ඔබ මෙලොවේ





කොතැනක සිටියත් ඔබ මෙලොවේ   
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ සිතට සැනසුම ගෙන දී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 


හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 

ඔබ එනතුරු මම තනියෙන් සිටියා    
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ








ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා

Tuesday, September 11, 2012

මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා





මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා 
කෙලෙස හෝ වේදනාවෝ 
සඟවා තබා ගමි
සඟවා තබා ගමි 


සඳ සෙවනේ අපි තරු ගැනලා 
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නැ තරහා වෙලා 
අද නෑ අද නෑ තාරකාවී 
අඳුරෙන් වැසි ගියේ
අඳුරෙන් වැසි ගියේ


සුදු වැලි යට අද සැතපීලා 
ඝන අඳුරින් ලෝකය වැසිලා 
ඉවසාගනෙ ඉන්නේ කෙලෙසද මා
යලි නෑ යලි නෑ අයේ  එන්නේ 
වෙනදා වගේ සදා 
වෙනදා වගේ සදා








ගායනය: සේනානායක වේරලියද්ද මහතා

Monday, September 10, 2012

ඔබයි රම්‍ය සඳ කිරණ







ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය

උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය






ගායනය: විශාරද නන්දා මාලනී මහත්මිය

පෙනුණු සුව දසුන්









පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා 
යහන මත වඩි හිරු දෙවි දෙඇස පිය පියා
ඔබ තාම නැ දයාවියේ මට ආදරේයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා 
වල් කොල කොටා දියේ මුසු කර තේ හදා පොවා
සැලැකූ ලමා වියේ සැලැකිලි නොමැත මග හැරී 
මට ආදරේයි කියන්නකො මුවගින් අමා පිරී 

කැන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා 
එදරු පෙම සැඳැ අඳුරට ඉඩ තබා ගියා 
සීත සඳ නැගයි එරඹර කවුළු දොර අයා 
ඔබ තාම නැ දායාවියේ මට ආදරේයි කියා

හමුවුනි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි 
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරි 
පාලුව ලැගුම් ගනි හද තුල පතුල එරි එරී 
මට ආදරෙයි කියන්නකෝ මුවගින් අමාපිරි







ගායනය: හෙන්රී කල්දේරා මහතා

මේ ප්‍රථම වසන්තයයි







මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා 
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ


සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ






ගයනය: විශාරද සනත් නන්දසිරි මහතා

සෞම්‍යවන්තියේ





සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා


ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී
සාගරය හා වෙළී යතී

පාළුවද සඳ එළියකී 
රම්‍ය ජීවිතයේ එතී
ළඟ නැති උනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී








ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

Thursday, September 6, 2012

පෙම්වන්තයින් සේ සිනා සී







පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝගී ගයන්නෑ ඉතින්...

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මෑවු ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා...

රෑ සිහිනයක් සේ සිතා
සෑනැහී හිඳින්නම් දරා
මේ ආදරේනම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ...





ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

ඔයා නිසා හඬලා






ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා හැර ගියදා..
පාළුවේ උන්නේ වේදනා දැනුනේ..

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තවමට නැ සැනසිලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා...

සෙනෙහස මා මද සුලඟක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
ඉනු මැනවී මා හා බැදිලා
මා හා බැදිලා...





ගායනය: රොෂාන් ප්‍රනාන්දු මහතා