Saturday, February 2, 2013

හිමිනැති පෙමකට






හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉඳ හිනැ‍හෙනු මැනවී
















මුල් ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය
නව ගායනය: නිරෝෂා විරාජිනී මහත්මිය