Thursday, October 4, 2012

මේ පහන් රැය සීතලයි








මේ පහන් රැය සීතලයි 
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි

මුවරදින් පිරි මල්තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයී

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි








ගායනය: ආනන්ද ගුනසේකර මහතා

No comments:

Post a Comment