Sunday, November 11, 2012

ආදර ප්‍රිය ළඳුනේ




ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ
මුව මදහාසේ ... සතුට ගෙනාවේ...
මටම නොවේ දෝ

ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ
යොවුන් වසන්තේ... පවන් සැලෙන්නේ...
අපට නොවේ දෝ 











ගායනය: ෆීලික්ස් ඇන්ටන් මහතා

Saturday, November 10, 2012

අප දෙදෙනා දිහා බල බලා





අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා

දුර ඈත දේසෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ

වෙන් වී මෙසේ මා යමි මේ සැඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමන් නොවේ ඔබ සිතින්











ගායනය: තිලකසිරි රත්නායක මහතා

Friday, November 9, 2012

රන් තරු පායන






රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද ඉන්නේ
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

පලා දෙපළු කල හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ











ගායනය: කීර්ති පැස්කුවල් මහතා

රුවන් තාරකා








රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැඳි වේදනා නිවා

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ


තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ










ගායනය: බණ්ඩාර ආතාවුද මහතා

Monday, November 5, 2012

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌








අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මද අඳුරේ 
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ











ගායනය: වික්ටර් රත්නායක මහතා

Wednesday, October 24, 2012

කවුළු පියන් පත් වහන්න





කවුළු පියන් පත් වහන්න 
සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ


විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි 


කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ









ගායනය: කසුන් කල්හාර මහතා

Tuesday, October 23, 2012

ඉටි මල් මිටක් දෝතින් අරන්







ඉටි මල් මිටක් දෝතින් අරන්
හමුවන්නෙමි ආයෙත් වරක්
ඒ මල් වගේ  පරවෙන්නේ නැ
මගේ ආදරේ ඔබෙමයි අදත්

හිත දෙන්නේ නෑ වෙන් වෙන්න නම්
ඉවසන්න බැ නුඹ ළඟ නැතිනම්
හමුවෙන්නේ නැ ලෝකෙන් ඉඩක්
මම දන්නේ නැ මගෙ වෙන දවසක්

තව ළංවුනේ නුඹමයි එදත්
මම පෙම් කලේ නුඹටයි කවදත්
හැරයන්නෙපා යළි කවදාවත්
අප වෙන් වුනේ සිහිනෙක සැරයක්










ගායනය: තීක්ෂන අනුරාධ මහතා