Monday, May 21, 2012

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට




ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
සිතින් දරාගෙන් මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

No comments:

Post a Comment