අශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා
නෙතේ හැන්ගි හැන්ගී ඉඳී
හිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයී
මගේ අරුම පෙම් අංගනා
ගායනය: වික්ටර් රත්නායක මහතා
No comments:
Post a Comment