Friday, May 18, 2012

සෙනහසක අරුතක් පුරවන්නට




සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා



ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ


 නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

පෙර කිසිදා ඔබ හමු වී නැති බව
ඉඳුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති

භවයෙන් භවයට පැතුමි පතා ගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ..








ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

සඳ කැන් වැසිලා


 සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ඝනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ඝනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..

ජීවිතයම සතු එකම සුවේ..
හී සර පහරක වෙලෙනු පෙනේ..
මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ..

මා නැත අන් සතු සිත් බිඳලා..
දෑතම බැඳගෙන හිඳිමි බලා..
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු,
රහස් අහස් තලයට පවරා..









ගායනය: විශාරද වික්ටර් රත්නායක මහතා

මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්




මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්...

සවනට ලන්වි හිමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නළලෙ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක හිඳිමු කියා......

සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසූ
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතූ

මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්...








 ගායනය: දිනේශ් නානායක්කාර මහතා

Thursday, May 17, 2012

රන් සමනලයෝ




රන් සමනලයෝ ...
පුංචි කැකුලියෝ ....
දේදුන්නේ නැගිලා.....
මීදුම් සළුවේ..තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා....

පෙම්බර ආල සිතේ..ගී නොවේදෝ ගැයුවේ
මොළ කැටි බාල වියේ..ඒ හුරතල් කොතැනේ
මවු දෑතින් මිදුණා දෝ.....
යවූවනයේ මත් විදෝ.....

රන් සමනලයෝ ...
පුංචි කැකුලියෝ ....
දේදුන්නේ නැගිලා.....

ලද මනමාල හිතේ..ආදරයේ සුවඳේ
තව නොහිතීද ලොවේ..ජීවිතයේ අරුමේ
මල් යහනා..පැතුවා දෝ.....
ඒ යහනා..හමු වේ දෝ....







ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

වලා තිරයෙන් එහා





වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක්‌
සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක්‌..

තරංගයක්‌ ලෙසින් ඇදි.. බිඳීනොයන් සිතින්
වසන්තයක්‌ ලෙසින් උදාව එන්න ජිවිතෙන්..

සිහිල් සහන් සුසුම් සරින්.. පවන් රොදක්‌ ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්..








ගායනය: ටි.එම්.ජයරත්න මහතා

සැඳැ කළුවර කුර ගගාවිත්




සැඳැ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා

වළාකුළකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා....







 ගායනය: නන්දා මාලනි මහත්මිය