Monday, May 21, 2012

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට




ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
සිතින් දරාගෙන් මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

Sunday, May 20, 2012

හදවත ඉල්ලා නොලැබුන විටදී

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුල කැළඹී 
මිතුරියේ ඔබ කෙලෙසක හෝ අමතක කරමී 
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී


ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි චායා 
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා


යලි අප උපදින භවයේ යලි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී මට ලං වේවා







ගායනය: ප්‍රියා සූරියසේන මහතා

අපි ආයෙත් හමු නොවුනා නම්



අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස 
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්


ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි


සමුගන්නට නම් අහිමි ආදරෙන් අයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ 










ගායනය: සෝමතිලක ජයමහ මහතා

Friday, May 18, 2012

දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ




දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි









ගායනය: විශාරද වික්ටර් රත්නායක මහතා

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ




 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා 

දවසක්‌ පැල නැති හේනේ




දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ.......






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ




සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....

යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ....




ගායනය: විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතා