Monday, September 10, 2012

මේ ප්‍රථම වසන්තයයි







මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා 
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ


සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ






ගයනය: විශාරද සනත් නන්දසිරි මහතා

සෞම්‍යවන්තියේ





සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා


ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී
සාගරය හා වෙළී යතී

පාළුවද සඳ එළියකී 
රම්‍ය ජීවිතයේ එතී
ළඟ නැති උනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී








ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

Thursday, September 6, 2012

පෙම්වන්තයින් සේ සිනා සී







පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝගී ගයන්නෑ ඉතින්...

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මෑවු ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා...

රෑ සිහිනයක් සේ සිතා
සෑනැහී හිඳින්නම් දරා
මේ ආදරේනම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ...





ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

ඔයා නිසා හඬලා






ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා හැර ගියදා..
පාළුවේ උන්නේ වේදනා දැනුනේ..

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තවමට නැ සැනසිලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා...

සෙනෙහස මා මද සුලඟක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
ඉනු මැනවී මා හා බැදිලා
මා හා බැදිලා...





ගායනය: රොෂාන් ප්‍රනාන්දු මහතා

Thursday, August 23, 2012

විදුලි මිණි පහන් දැවී





විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ 

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ 
පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
බලා ඇස යොමන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා 
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී 






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

බිඳුනු පෙම් හද









බිඳුනු පෙම් හද නිවාලන්නට 
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත 
නුඹට පෙම් බැන්දා


සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා


ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී
කඳුල නුඹ නාඩන් 
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්




ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

Wednesday, August 22, 2012

නිල්වන් ගුවන් ගැබේ



නිල්වන් ගුවන් ගැබේ
පයා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

හිමි නැති පෙමකට ඉකිබිඳිනා සඳ
හදවත වාවා ගණුද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
ඉඳිමුද සැනසිල්ලේ

ලොවම එපාවී
තනිවූ මොහොතක
එන්නට මාවෙත වරම් දෙමි
අහිතක් නොහිතා
පෙරසේ පිලිගමි
ආදරේයේ නාමෙන්




ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා