Thursday, October 4, 2012

මේ පහන් රැය සීතලයි








මේ පහන් රැය සීතලයි 
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි

මුවරදින් පිරි මල්තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයී

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි








ගායනය: ආනන්ද ගුනසේකර මහතා

ඔය දැසේ සැඟවුනේ









ඔය දැසේ සැඟවුනේ මා සෙවූ ආදරේ 
හදවතේ සෑමදා නුඔ ‍රැඳ් 
මිතුරන් සේ අප ලන් වුනා
මා මතකයේ ඔබ සදා

කෙසේ පවසම්දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ මා සොඳුරියේ
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනෙයිදෝ 
සුලඟේ පවා රැඳෙන්නේ එපමනයි 
නුඹට දැනෙයිදෝ 

අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ 
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උනුසුමින් තුරුළුවී කී වදන් හීනයක් සේ 
මා හට දැනුනා ළය ගිම් නිවුනා 
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ 








ගායනය: ප්‍රිහාන් මඩප්පුලි මහතා

Saturday, September 29, 2012

මේ ජීවනයේ මුළු සන්සාරේ






මේ ජීවනයේ මුළු සන්සාරේ
මේ ජීවනයේ මුළු සන්සාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මේ ජීවනයේ

දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ  
දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ 
සනසා නොලාලන කාලේ දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් 
මා යන ගමනට දිරි දෙයි
  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා 
ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම 
අම්මාගේ ආදරයයි












මුල් ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා

Thursday, September 27, 2012

ජීවිතේ පෙමින් අරන් එමි





දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමි ඔබෙ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්


මල් උයන් දැවු කුණා‍ටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ
අපේ පැතුම් පිපී


ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි


දුකයි මේ දුරු අගාධේ
මැවෙයි මේ රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මම උනුහුම සුසීතේ


රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු ‍රැල්ලෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම් දම්
මීවිතක්ය ජීවිතේ අපේ










ගායනය: කිත්සිරි ජයසේකර මහතා

කොතැනක සිටියත් ඔබ මෙලොවේ





කොතැනක සිටියත් ඔබ මෙලොවේ   
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ සිතට සැනසුම ගෙන දී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 


හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 

ඔබ එනතුරු මම තනියෙන් සිටියා    
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ








ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා

Tuesday, September 11, 2012

මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා





මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා 
කෙලෙස හෝ වේදනාවෝ 
සඟවා තබා ගමි
සඟවා තබා ගමි 


සඳ සෙවනේ අපි තරු ගැනලා 
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නැ තරහා වෙලා 
අද නෑ අද නෑ තාරකාවී 
අඳුරෙන් වැසි ගියේ
අඳුරෙන් වැසි ගියේ


සුදු වැලි යට අද සැතපීලා 
ඝන අඳුරින් ලෝකය වැසිලා 
ඉවසාගනෙ ඉන්නේ කෙලෙසද මා
යලි නෑ යලි නෑ අයේ  එන්නේ 
වෙනදා වගේ සදා 
වෙනදා වගේ සදා








ගායනය: සේනානායක වේරලියද්ද මහතා

Monday, September 10, 2012

ඔබයි රම්‍ය සඳ කිරණ







ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය

උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය






ගායනය: විශාරද නන්දා මාලනී මහත්මිය