Thursday, August 23, 2012

විදුලි මිණි පහන් දැවී





විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ 

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ 
පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
බලා ඇස යොමන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා 
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී 






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

බිඳුනු පෙම් හද









බිඳුනු පෙම් හද නිවාලන්නට 
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත 
නුඹට පෙම් බැන්දා


සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා


ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී
කඳුල නුඹ නාඩන් 
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්




ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

Wednesday, August 22, 2012

නිල්වන් ගුවන් ගැබේ



නිල්වන් ගුවන් ගැබේ
පයා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

හිමි නැති පෙමකට ඉකිබිඳිනා සඳ
හදවත වාවා ගණුද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
ඉඳිමුද සැනසිල්ලේ

ලොවම එපාවී
තනිවූ මොහොතක
එන්නට මාවෙත වරම් දෙමි
අහිතක් නොහිතා
පෙරසේ පිලිගමි
ආදරේයේ නාමෙන්




ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා

Thursday, August 9, 2012

පෙරදින මා වෙත පුදකල සෙනෙහස




පෙරදින මා වෙත පුදකල සෙනෙහස අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා

සිය වැඩ අතහැර ඔබට පෙම් කලේ ඔබ ගැන සිහින මවා 
අපේ පැතුම් ලොව මල් පූදින්නට පැතුවෙමි උදේ හවා

මම කිසි දවසක වෙන්ව නොයන බව මතකයි ඔබ කීවා
මට දුන් ඒ දුක ඔහුට නොදන මැන ඔබගෙන් සමුගනි මා 





ගායනය : මර්සිලින් පතිරණ මහතා

Tuesday, August 7, 2012

අතීතයෙ එක ලස්සන දවසක



අතීතයේ එක ලස්සන දවසක 
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලිකා මල් ඉහිරුන පාරෙ 
මා තනි වෙන්නම් කඳුලු මැදින් 

ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හද ඔබ රිදවනවා 
සේපාලිකා මල් සුවඳ මැදින් 

සොඳුරු මගේ ආදර පැතුමක් 
කඩා වැටීලා ඔබේ හදින්
 බලා නොබලා නොයන් ලදුනේ 
අසරණ වූ දා සෙනේහයෙන්







ගායනය : මර්සිලින් පතිරණ මහතා

Tuesday, July 31, 2012

ඉසුරු කොදෙව්වේ



ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

යලිදු පතන්නට සිතුම් පෙළක් නැත
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


ගායනය:ජගත් වික්‍රමසිංග  මහතා 

Tuesday, July 10, 2012

සුපෙම් සුවඳක් අරන්




සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුලඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

හිනා
අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා







ගායනය: රොෂාන් ප්‍රනාන්දු මහතා