Wednesday, May 16, 2012

අසුරු සැනින් එක මොහොතක දී



අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
අපේ ම වී අප ඉපදේවා......!!!!

යෙහෙළියන් ගෙ ඉඟි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
මතුයම් දවසක හැකි වේවා......
ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
අපේ ම වී අප ඉපදේවා......!!!!

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි හිනා දකින්නට
එක සෙවනකදි හමු වෙවා.....
ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
අපේ ම වී අප ඉපදේවා...










ගායනය: යමුණා විනෝදිනි මහත්මිය

No comments:

Post a Comment