Thursday, June 14, 2012

ඔබේ ළඟ නැති මේ සසරේ


ඔබේ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේ 
පැතුවා.. ඔබේ සිසිල උණුසුම් කතරේ 
ඔබ මා ළඟ නැති අතරේ 

රන් දේදුනු පෑයූදා 
ඔබ හා මා එක් වූදා 
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා 
පොද වැස්සක අපි දෙන්නා 

විළඳ පොරි ඉහලා 
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා 
මංගලම් කීවා 
සුවදින් පිරී හසරැල් ඔබේ 
මගෙ මුවගට ලං වුවා 
ඔය රුව මගෙ නෙතු දුටුවා 

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා 
පිනි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා 
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා 
රැය පහන් කලා දෙනෙනා





මුල් ගායනය: ග්‍රේෂන් ජයමහ මහතා

No comments:

Post a Comment