Thursday, June 14, 2012

මතකයන්




මතකයන් අමතක කෙරුවත් 
අමතක වෙන්නේ නෑ 
ඔබ එපා යැයි මට සිතුනත් 
එපා වෙන්නේ නෑ 
යළි ඒවි යැයි සිත කීවත් 
ඔබ යළි එන්නේ නෑ 
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ 

අඬ අඬා මම කල් ගෙව්වත් 
ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් 
සිත පිළිගන්නෙත් නෑ 
මම නොමැති ලොවකවදාවත් 
ඔබ තනි වෙන්නේ නෑ 
ඔබ නොමැති ලොව කවදාවත් 
මට සිතේ සතුටක් නෑ 

සිහිවෙනා හැම මොහොතකදී 
නොසිත ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් 
එහෙම ඉන්නත් බෑ 
සිත සිතා ඔබ ගැන හැමදාමත් 
මට අඬන්නත් බැ 
ඔබ නැති පාළුව මට දැනුනත් 
වෙනස් වෙන්නත් බෑ




ගායනය: දුෂාන් ජයතිලක

No comments:

Post a Comment