Friday, March 22, 2013

විත්ති කූඩුවේ



විත්ති කූඩුවේ දෙපසක උනුන් නෙත බලා 
ලොවට ඇසෙන්නට මන් ගැන වැරදි පවසනා 
හිතා ගන්නවත් බැරි ලෙස කියයි නුඹ මුසා 
තාම නුඹ මගේ සොඳුරයි පනට සම වෙනා 

මතක නැති උනේ නුඹටයි අපේ අතීතේ 
එදා මන් පැලඳු මුදුවත් තාම නුඹ අතේ 
කාටවත්ම නොකිය දුක වහන් කර නෙතේ 
මැරි මැරි උපදින මන් ගැන මන්ද නොසිතුවේ

නොහොඳ නොක්කඩු ඉඳහිට ඇති උනත් අපේ 
බිඳක් වත් සෙනේහෙ වියැකුනෙ නැනෙ මගෙ සිතේ 
කියන්නට නොගුන නුඹ ගැන දිරිය මට නොවේ 
ගෙදර යමු සොඳුර නොකියා වැරදි අපි අපේ














ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

Friday, March 15, 2013

මේ මල් යායේ






මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා


















මුල් ගායනය: එඩ්වඩ් ජයකොඩි මහතා
නව ගායනය: ජූඩ් රෝගන්ස් මහතා

Friday, March 1, 2013

රත්තරන් ප්‍රාර්තනා





රත්තරන් ප්‍රාර්තනා ඈත සුන් වී ගියා 
ආදරේ චාරිකා නිම උනා නෙත් තෙමා 
ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා 

ගංඟා තලාවේ වැතිරී හිඳන් 
ලන්වී මගේ කනට රහසින් කියා
ඒ පෙම් කතාවන් සුලඟේ පාවී 
රහසක් අපේ ආදරේ

සැඟවවී හිදින්නම් එනමන් බලා 
තනිවී හඬන්නම ඔබේ නාමයෙන්
දෙගුරුන් නිසා නම් අප වෙන් උනෙ 
අහිතක් නොවේ මා සිතේ 















මුල් ගායනය: රෝයි පීරිස් මහතා
නව ගායනය: තීක්ෂණ අනුරාධ මහතා

Wednesday, February 20, 2013

අශා නිරාශා මැවූ











අශා නිරාශා මැවූ 
ඈ ස්වප්න මායාවකී 
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල් 
මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි  

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැන්ගි හැන්ගී ඉඳී
හිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයී
මගේ අරුම පෙම් අංගනා


















ගායනය: වික්ටර් රත්නායක මහතා

Friday, February 15, 2013

හිතින් මා නොසැලී








හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඔ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා 
නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඔ රැඳි දෑසේ

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ

















ගායනය: ටී.එම්.ජයරත්න මහතා

Saturday, February 2, 2013

හිමිනැති පෙමකට






හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉඳ හිනැ‍හෙනු මැනවී
















මුල් ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය
නව ගායනය: නිරෝෂා විරාජිනී මහත්මිය

Friday, February 1, 2013

හිංසා කරන්නේ





හිංසා කරන්නේ වෙන්වී ගිහින් 
මාගේ අතින්වූ වරදක් කියන් 
හැන්ගී වසන්තේ මාගේ ලොවින් 
කඳුළක් නැගෙන්නේ නෙතටත් හොරෙන් 
බොඳ වීලා පැතුසේයා රිදවාලා සිත පාරා
සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා 
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑවා 
ළයේ ගෑවි ගෑවි වාගෙ සිතුවම් වීලා ආවා

රැඳී පාව යාවී ඈතේ රැඳුනත් මාව දාලා 
ඔබේ දෑස සිහිව ආයෙ හැඟුමන් රෑන පාරා

















ගායනය: කවීෂ කවිරාජ් මහතා