Friday, June 21, 2013

මනමාලයි ආදරෙත් නුඹ තරම්








පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්

කවිකාර හීනෙ ලගින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදි වරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්  ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින් හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

















ගායනය: සමිතා මුදුන්කොටුව මහත්මිය

Tuesday, June 4, 2013

ආයෙත් හඬන්න




ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ 
හිමිනැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ
මං තමත් මගෙ තනි හීනේ
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ

අඬම්බර රුව දැකලා සිත ආයෙත් උමතුවෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා 
අපේම ලොවේදි අපි මුණගැසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිඳිවි
අපි ඈතයි සැමදා

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලාවෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම්කලා
අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිදිවි
අපි ඈතයි සැමදා

















ගායනය: තීක්ෂණ අනුරාධ මහතා

Monday, May 27, 2013

මායම් තරු රෑනේ







මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැදුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැදී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
දැනගත්ත‍දා ඈත වෙන්වී ගියෝතින්
හැමදාම විදවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා















ගායනය: අමල් පෙරේරා මහතා

Monday, May 6, 2013

මගෙ සුරතෙ දිවුරා




මගෙ සුරතෙ දිවුරා මගෙම හිස සිඹලා
ඔබම මගෙ කීවා ලොවම සුබ පැතුවා
ආදරේ සිතුවමක්දෝ කඳුලකින් අඳිනා 
ජීවිතේ මට නොතේරේ තේරුමක් තියෙනා

සිත් බැන්ඳ නෙත් කැල්ම සඳ කින්නරී 
කොයි යන්නෙ සැඟවී ඔයා 
ඔය දෑස දැක ගන්න උන්නේ බලා
ආදරය පාවි ගියා

සිත් බින්ඳ නෙත් කැල්ම රන හංසනි 
ඇයි යන්නෙ ලතැවුල් මවා
ඔබෙ දෑත රැක ගන්න නැතිදෝ වරම් 
ආදරය වියැකී ගියා


















ගායනය: රකිත වෙලන්ගොඩ මහතා

Friday, April 26, 2013

ස්නේහයේ නගරයයි සිත මගේ






ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා  සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින්  දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ
















ගායනය: අමරසිරි පීරිස් මහතා

Monday, April 8, 2013

අවසන් ලියුමයි ඔබට ලියන්නේ




අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී

අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා

















ගායනය: සතිෂ් පෙරේරා මහතා

Saturday, April 6, 2013

පුරමී පාරමී




පුරමී පාරමී පතමී හැම භවේ 
ඔබගේ පුතු ලෙසේ 
සසරේ රැඳෙන සේ

චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ
මං මුළා නොවී ඉඳින්න මං කියූ පියේ
උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්

කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වි සෙවණ වූ
සෙත් කවක් සෙ දුක් නිවාල සිත් පහන් කෙරූ
මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්

















ගායනය: රකිත වෙලන්ගොඩ මහතා