Sunday, May 27, 2012

මා සුන්ඳර සිහිනයක් මැව්වා





 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගෙ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්ට අප සිත් එක් වේවි
අපේ ආදරේ උණුසුම ලබමින් එ සිත් සැන සේවි
පුන්චි සන්දියෙ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි
වෙරළ දිගෙ ඟං ඉවුරු දිගෙ ඇවිදපු හැටි මට මතකයි
යව්වනියක වී ඔබ මා අතගෙන මෙ සැන්ඳැ යාමෙ
සොඳුරු ආදරේ මිහිර විඳින්ට මෙ සුමිහිරි යාමෙ
මා සුන්ඳර සිහිනයක් මැව්වා
අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
  ප්‍රියාදරියේ....








ගායනය: නදීක ජයවර්දන මහතා

Saturday, May 26, 2012

තනිවෙන්නට මගේ ලොවේ



තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
 රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

සිව් වසරක පෙම් ගීතය 
ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් 
කිරුළු පැළඳුවාදෝ....

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....
 



ගයනය: වික්ටර් රත්නායක මහතා 

Thursday, May 24, 2012

සිතින් පතා ඉන්නම්





සිතින් පතා ඉන්නම්
කුළුදුල් පෙම් පැතුමන්
සිතින් සිනා සෙන්නම්
ඔබගේ රූ මවමින්

කියාගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ
ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල්
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හද තුළ සදා රැඳෙ
බැලූ බැලූ සැමතේ සිනා හඞ ඇසේ
ඔබගේ පි‍්‍රය මිහිරේ

ඔබ යනෙනා තැන මා ගත යනමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ළඳ මා හට නැතිමුත්
කාටද ඔබේ සෙනේ
මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස
මා හද දිනූ ළඳේ
සිනා සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ

  


ගායනය: කුමාරසිරි පතිරණ මහතා

මගේ හදවත හැඳින ගත් ඔබ


මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා

ඔබ රකින්නට සැරසුනේ මා නා රජෙක් සතු මැණික මෙන්
ඔබේ පසු පස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැමදෙයින් 
එත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්නට
රහසේ කුමරෙකු සිටිය ඔබ ගේ ඔහුව රැකු මැන සෙනෙහසින්

සැක කලේ මා සැර කලේ මා හදාගන්නයි හැමදෙයින් 
මගේ කියල මගෙම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකය සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ලං වෙනු එපා ඔබ මට නිම වෙනා තුරු මේ භවෙන්






ගායනය: කුමාරසිරි පතිරණ මහතා

සඳ සේ උදා වී මහදේ රැදී



සඳ සේ උදා වී මහදේ රැදී
සැමදාම සිටියෙ ඔබයි...
අප පෙම් කතාවේ දුක්‌ සෝක සංකා
මෙතැකින් නිමා වූ වගයි

කඳුලැල් සලාලා දුක්‌ නිබඳ විඳලා
සැදු අපගෙ පෙම් මාළිගා..
නැත විසිර බිඳුනේ සවිමත්ව වැඩුනේ
තිබු අපගෙ සෙනෙහේ නිසයි..

දෙයතින්ම අල්ලා අද එක්‌කව යන්නේ
සැමගේම සුපැතුම් මැදයි..
පිසගන්න කඳුලැල් හිනැහෙන්න මා හා
හැමදාම ඔබ මාගෙ දැන්....




ගායනය: කුමාරසිරි පතිරණ මහතා

Monday, May 21, 2012

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට




ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
සිතින් දරාගෙන් මා මළ දවසට,
මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

Sunday, May 20, 2012

හදවත ඉල්ලා නොලැබුන විටදී

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුල කැළඹී 
මිතුරියේ ඔබ කෙලෙසක හෝ අමතක කරමී 
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී


ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි චායා 
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා


යලි අප උපදින භවයේ යලි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී මට ලං වේවා







ගායනය: ප්‍රියා සූරියසේන මහතා