Saturday, January 26, 2013

දුක වැඩි තරමට





දුක වැඩි තරමට කඳුළු හෙලන්නට 
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට 
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතගට තරවටු කෙරුවාට 
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ 
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ 
තනිවුනු බව නැහැ දන්නේ
උන් යහන පුරා විඳි සුවඳ පවා 
නැත දුක විතරක් ඉතිරි වෙලා

කදඳුලක් කඳුලක් ගානේ 
ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ 
වෙනකුගෙ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා 
ඔබ දුක විතරක් උරුම කලා














ගායනය: නොයෙල් රාජ් මහතා

Wednesday, December 26, 2012

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ





ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී


ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී


තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ














ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

පෙම්වතුන් සිනාසේ



පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ

මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ











ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා

Tuesday, December 25, 2012

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ







සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්


පියවී ලොවේ කිසිදා එක්වෙන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්


තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්













ගායනය: ශිහාන් මිහිරංග මහතා

Wednesday, December 5, 2012

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න






හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා













ගායනය: අතුල අදිකාරී මහතා

Saturday, December 1, 2012

සමාව ඉල්ලා දෙපා සිඹින්නට





සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව 
අද නැති බව මා දැන උන්නේ


විශ්වාසය ආදරේයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා
පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මන්
එනමුදු මගෙ හද සලිත නොවේ


අඳුරු අතීතේ මැකී ගියා
යලි ඉපදී මා හද සෙවනේ
මතු දිවි අති තුරු ඔබ මා සෙවනේ
ඉනු මැන මින් පසු නොබැඳි වරදේ













ගායනය: ෂෙල්ටන් මුතුනමගේ මහතා

Monday, November 12, 2012

සිහින සතක් දු‍ටුවෙමි මම







සිහින සතක් දු‍ටුවෙමි මම
සත් දවසක් එක විලසම
එක සිහිනෙක ඔබ දු‍ටුවා
සිඟන්නියක සේ

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් 
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිඳු හදවත
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස 
පිහිට වනු මැනේ













ගායනය: වික්ටර් රත්නායක මහතා