Tuesday, October 16, 2012

මේ සඳ වුනත්









මේ සඳ වුනත් 
පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත් 
මේ හුලඟ මත් 
ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත් 
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් 
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් 
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ 
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ

ආයෙ හිරු නැ හෙට හුලඟත් නෑ
නුඹ අවාත් මේ රැය නැ
අයේ නුඹ නැ දුක් කඳුලුත් නැ
රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ 
ආයෙ නම් රෑය අවසන් වේ









ගායනය: බුද්දික උෂාන් මහතා

Monday, October 15, 2012

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ






පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ











ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

Thursday, October 4, 2012

මේ පහන් රැය සීතලයි








මේ පහන් රැය සීතලයි 
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි

මුවරදින් පිරි මල්තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයී

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි








ගායනය: ආනන්ද ගුනසේකර මහතා

ඔය දැසේ සැඟවුනේ









ඔය දැසේ සැඟවුනේ මා සෙවූ ආදරේ 
හදවතේ සෑමදා නුඔ ‍රැඳ් 
මිතුරන් සේ අප ලන් වුනා
මා මතකයේ ඔබ සදා

කෙසේ පවසම්දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ මා සොඳුරියේ
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනෙයිදෝ 
සුලඟේ පවා රැඳෙන්නේ එපමනයි 
නුඹට දැනෙයිදෝ 

අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ 
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උනුසුමින් තුරුළුවී කී වදන් හීනයක් සේ 
මා හට දැනුනා ළය ගිම් නිවුනා 
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ 








ගායනය: ප්‍රිහාන් මඩප්පුලි මහතා

Saturday, September 29, 2012

මේ ජීවනයේ මුළු සන්සාරේ






මේ ජීවනයේ මුළු සන්සාරේ
මේ ජීවනයේ මුළු සන්සාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මේ ජීවනයේ

දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ  
දෑත දෑතෙ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ 
සනසා නොලාලන කාලේ දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් 
මා යන ගමනට දිරි දෙයි
  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා  
සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා 
ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම 
අම්මාගේ ආදරයයි












මුල් ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා

Thursday, September 27, 2012

ජීවිතේ පෙමින් අරන් එමි





දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමි ඔබෙ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්


මල් උයන් දැවු කුණා‍ටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ
අපේ පැතුම් පිපී


ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි


දුකයි මේ දුරු අගාධේ
මැවෙයි මේ රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මම උනුහුම සුසීතේ


රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු ‍රැල්ලෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම් දම්
මීවිතක්ය ජීවිතේ අපේ










ගායනය: කිත්සිරි ජයසේකර මහතා

කොතැනක සිටියත් ඔබ මෙලොවේ





කොතැනක සිටියත් ඔබ මෙලොවේ   
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ සිතට සැනසුම ගෙන දී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 


හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 

ඔබ එනතුරු මම තනියෙන් සිටියා    
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ








ගායනය: එච්.ආර්.ජෝතිපාල මහතා