Friday, February 15, 2013

හිතින් මා නොසැලී








හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඔ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා 
නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඔ රැඳි දෑසේ

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ

















ගායනය: ටී.එම්.ජයරත්න මහතා

Saturday, February 2, 2013

හිමිනැති පෙමකට






හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉඳ හිනැ‍හෙනු මැනවී
















මුල් ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය
නව ගායනය: නිරෝෂා විරාජිනී මහත්මිය

Friday, February 1, 2013

හිංසා කරන්නේ





හිංසා කරන්නේ වෙන්වී ගිහින් 
මාගේ අතින්වූ වරදක් කියන් 
හැන්ගී වසන්තේ මාගේ ලොවින් 
කඳුළක් නැගෙන්නේ නෙතටත් හොරෙන් 
බොඳ වීලා පැතුසේයා රිදවාලා සිත පාරා
සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා 
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑවා 
ළයේ ගෑවි ගෑවි වාගෙ සිතුවම් වීලා ආවා

රැඳී පාව යාවී ඈතේ රැඳුනත් මාව දාලා 
ඔබේ දෑස සිහිව ආයෙ හැඟුමන් රෑන පාරා

















ගායනය: කවීෂ කවිරාජ් මහතා

පෙම් ස්වර්ණ ජීවිතේ





පෙම් ස්වර්ණ ජීවිතේ
පෙම්වන්ති මා ඔබේ
ඔබ හිත ඇඳි පිළිරූ මගෙ පිළිරූ
මැකුනිදෝ කෙසේ

අමතක වීදෝ කොහොම වුණාදෝ
මා ඔබ ළඟටම වී උන්නා
සුලැඟිලි පටලා ඔච්චම් කෙරුවා
පොඩි උන් වාගේ අපි දෙන්නා
මට දෙවියන් දුන් ඒ පඬුරු සුපෙම්
ලේ කඳුලින් දිව්රා
ඔබටයි මා පිදුවේ

ඔබ මගෙ සුරතල් සිඳංගනාවී 
මා හිස සිඹිමින් ඔබ කීවා
ජීවිතයෙන් හෝ පූජා දී මා
ළං කර ගන්නා බව කීවා
අපරාජිත යැයි කී පෙම් සටනින්
පැරදුනිදෝ කුමරෝ
අසරණ අපි දෙන්නා















ගායනය: මහේෂිකා ලක්මාලි

Thursday, January 31, 2013

සිත මගෙ රිදුනා





සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොඳ වී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ
ලඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා

ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා 

මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
ළඟින් මගේ සිතින් රැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි 














ගායනය: දමිත් අසංක මහතා

Wednesday, January 30, 2013

තහනම් ගෙයි මලකින්





තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට 
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට 
ආදරේට සාප නොදී දවස තිස්සෙම 
සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට

එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර 
හදවත රිදවන්න එපා ඉතින් තව තව 
කඳුලු පොකුරු මල් රඳවා නුවන් දොරකඩ
උහුලන්නට බැරි දඬුවම් එපා මෙච්චර 

නිදි යහනෙ ඇතින් වේදනා විඳ විඳ 
හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ 
සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට 
පමා නොවි හිනා වෙන්න හදාගෙන හිත 














ගායනය: ඉඳුනිල් අඳ්‍රමාන මහතා 

Tuesday, January 29, 2013

තහනම් කල සෙනහස




තහනම් කල සෙනහස තහනම් නැ ඇස් අරින්න 
සුදු දුව මේ අහන්න මෙ කැඳ උගුරවත් බොන්න
සාඩම්බර පරපුර මට බැ අමතක කරන්න 
මන් අවසර දෙන්නම් ටජ් මහලක් හදා ගන්න

වසන්තය නුඹෙයි මගෙ නොවෙයි
ඔය සෙනේහය නුඹෙයි මගෙ නොවෙයි 
අනන්තයට විහිදි ඇත මිදුළු පුරා කකියන 
දරු සෙනේහය මගෙයි නුඹෙ නොවෙයි 

පැතුම් පොදි මගෙයි නුබේ නොවෙයි
ඔය පෙමින් තොර ලොවක් නුඹට නොවෙයි
උපන් දා පටන් නුඹ ඇස් පියා ගන්න තුරු යලි මම 
නුඹෙන් තොර ලොවක් මටද නොවෙයි











ගයනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා