Tuesday, July 31, 2012

ඉසුරු කොදෙව්වේ



ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

යලිදු පතන්නට සිතුම් පෙළක් නැත
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


ගායනය:ජගත් වික්‍රමසිංග  මහතා 

Tuesday, July 10, 2012

සුපෙම් සුවඳක් අරන්




සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුලඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

හිනා
අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

ගතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා







ගායනය: රොෂාන් ප්‍රනාන්දු මහතා

Monday, July 9, 2012

ගුමු ගුමුව වදුලේ





ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ

විහඟ මිහිරාවී
මුදුහඬින රාගී
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී

හද බඳුන ඉතිරී
ගලන මී මිහිරී
කොතන නම් සැඟවී
තිබිනිදැයි සොයමී







ගායනය:සමිතා මුදුන්කොටුව මහත්මිය

Sunday, June 24, 2012

සඳ සඳ වගේ



සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ









ගායනය:කසුන් කල්හාර මහතා

Thursday, June 14, 2012

මතකයන්




මතකයන් අමතක කෙරුවත් 
අමතක වෙන්නේ නෑ 
ඔබ එපා යැයි මට සිතුනත් 
එපා වෙන්නේ නෑ 
යළි ඒවි යැයි සිත කීවත් 
ඔබ යළි එන්නේ නෑ 
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ 

අඬ අඬා මම කල් ගෙව්වත් 
ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් 
සිත පිළිගන්නෙත් නෑ 
මම නොමැති ලොවකවදාවත් 
ඔබ තනි වෙන්නේ නෑ 
ඔබ නොමැති ලොව කවදාවත් 
මට සිතේ සතුටක් නෑ 

සිහිවෙනා හැම මොහොතකදී 
නොසිත ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් 
එහෙම ඉන්නත් බෑ 
සිත සිතා ඔබ ගැන හැමදාමත් 
මට අඬන්නත් බැ 
ඔබ නැති පාළුව මට දැනුනත් 
වෙනස් වෙන්නත් බෑ




ගායනය: දුෂාන් ජයතිලක

ඔබේ ළඟ නැති මේ සසරේ


ඔබේ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේ 
පැතුවා.. ඔබේ සිසිල උණුසුම් කතරේ 
ඔබ මා ළඟ නැති අතරේ 

රන් දේදුනු පෑයූදා 
ඔබ හා මා එක් වූදා 
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා 
පොද වැස්සක අපි දෙන්නා 

විළඳ පොරි ඉහලා 
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා 
මංගලම් කීවා 
සුවදින් පිරී හසරැල් ඔබේ 
මගෙ මුවගට ලං වුවා 
ඔය රුව මගෙ නෙතු දුටුවා 

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා 
පිනි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා 
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා 
රැය පහන් කලා දෙනෙනා





මුල් ගායනය: ග්‍රේෂන් ජයමහ මහතා

Friday, June 8, 2012

මෙහෙනියක වී



මෙහෙනියක වී සසර කතරින් 
එතෙර වන්නට පාරමී පුරනා 
ඔබ පෙම්වතියක් ලෙසින් 
එදා මා පෙමින් එදා මා ලඟ උන්නා

අවිහිංසක ඔබ අවිහිංසක මා 
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
දහස් වරක් දෙගුරුන් රිද වූවා 

පලිගන්ට මිස පිලිගන්නට මා 
දෙගුරුන්ගේ සිත් නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට  
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට 
කසා වතට ඔබෙ වත දන් දුන්නා







ගායනය: නාමල් උඩුගම මහතා