Tuesday, May 29, 2012




රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද 
කිම තොල මීවිත පොඟවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා / කරුණාරත්න දිවුල්ගනෙ මහතා

No comments:

Post a Comment